බීර
සයුරේ හිරු රැස් කිමිදී යන විට
පුරවා වීදුරුවක්
එන්න
දොඩමලුවන්න
මා හා
බීර මත දිදුලන
සඳ මඩලට
හිනාවෙමු එතකොට
බැහැරව එන එකදු හඬක්
ගැනවත් නොහිතා
සුන්දර ගගනත පීරා
තරු මල් නෙලනට
මේ රෑ
නිදි මැද සිටිනා නුවරුන්
අවදි කරන්නද කෙලෙසේ
අනියත දම්
බන දෙසමින්
හිනාවෙන නමුත් කඩුපුල්
සුන්දර මේ රෑ කුමකට
හඬා වැලපෙමුද මිහිරේ
පන්සිළු ඇවිදින්
කරනා ඇරයුම් දැකලා
ඔබත් වයනු මැන
නීරෝ සමගින් වීණා
අපේ විහිළු
කෙළි කවට සිනා
ඇස ගැටිලා
ආවොත් මරුවා වුව යයි
ආපසු හැරිලා
ගණදුරු මැදියම පොරකන
වාන් දමන සතුටේ දිය
දිය හැකි අන් අය කවුරුද
මගෙ මීවිත මිතුරේ
චංචල හදවත් දොර'රින්
නන්දන උයනට පිවිසී
ස්වර්ණ වර්ණ ලෝ
නන් විසිතුරු බව
බලා
කියා
සැනැහී............
No comments:
Post a Comment