පැතුම් තොටමුන
අවර ගිරගින් අදුර ආවා
පවර පෙම් පනිවිඩ ගෙනාවා
අරුදතිය නැති පාලු අහසේ
තනිව සද කැලුමන් ගෙනාවා
අහිතකර දායාද වූ දුක්
සුසුම් මැද මුදු එලිය විද විද
සුවච කීකරු තාරකාවන්
සදපතිට මුදු බැලුම් හෙලුවා
රිදී රේඛා තබා ශෝකා
අහස හිටිවන කැලුම් පෑවා
අරුදතිය නැති දුකට සදපති
මහා කදු කදුලෙන් තෙමාවා
ලොවේ නන් දෙස වියෝවෙන් සිටි
පෙම්වතුන්ගේ කදුලු ධාරා
ඒ රැයේ මහ වැස්සටම වන්
ගං ඉවුරු ශෝකයෙන් හැඩුවා
එදා සිට ඒ වියෝ ගී නද
ජල තරග සේ සයුරෙ දිලුනා
කැලබි කැලබී පපු තුරේ ගිනි
හෝ හඩින් ගල් කුලක වැදුනා
No comments:
Post a Comment