Tuesday, March 20, 2012

බයිපාස්

අනේ දෙවියනි,
උරණ නොව
පුත‍්‍රයෙක් වෙමි මම ද
ඇණ ගසන ලද
මෙසයන මත
මිහිපිට දෙවියන් විසින්
ආත්මයම කේවල් කොට....
ඉතින් දෙන්නට බැරිද
බයි එකක් මට
පාස් වෙන්නට
තර`ග නොකරම
නුඹ ස්වර්ග රාජ්‍යට...
අරා දුක් ගිනි කන්ද
නගින වේදනා කැල්වරිය
මදිවට තවත්
ලක්ෂ හයක වැය
කෙලෙස දරන්නද
වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ එහිස?

No comments:

Post a Comment