Tuesday, January 17, 2012

gamaya: තිමීස් මැදුර...

gamaya: තිමීස් මැදුර...: පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොර...

තිමීස් මැදුර...


පහත් තැනකින් බසින නිති
නීතියකි ලංකාවෙ ඇති
හරස් වෙන්නට ඊට හැකි
අයම වෙති ලොකු දානපති

වැරැදි නිවැරැදි සෙවුම වුව
විශාරද මිල මත යැපෙන
සොරකමක් වෙයි ඇස් වසන  
පරතෙරක් අප හට නොදැන....

ඇමැති මැති රජිදුන්ට
රාජ නීතියෙන් වැඩ
ඔවුන් අත කරකැවෙන
චක්‍රයයි එය

ලෝයර්ගෙ කිවිසුමට
වුව තිගැස්සී ගැහෙන
අයව නිති වෙලන තද
දැලක්මය එය...

දිව්‍ය දූ තිමීසය
නගන මද ස්මිතය
කාට ඔච්චමෙන්දැයි
සිතා ගත හැක

හරස් ප්‍රශ්නයක් කර
බලන ලෙස පුරන්දර
කලු ලෝගු මහත්තුරු
රගන යස රග...

නිහඩ බව සරසාපු
මුසාවෙන් රජයාපු
සෙයකි මේ ශුද්ධ බිම
දුබලයන් හට අකැප

කගක් අත රදවාපු
දෙඇස් බැදලා දාපු
රුවය  දෙව් දුව සදිසි
යුක්තියේ මන්දිරය...